Monday, April 29, 2024

General line - 0115112241

දුම්රිය වර්ජනයේ දහවන දිනය අදයි

සමන්ත කුමාර/ ලහිරු කපුගේ




දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩවර්ජනය අද 10 වන දිනටත් කි‍්‍රයාත්මක වනවා. ඒ පිළිබද කරුණු දැක්වූ දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ.

කෙසේ වෙතත් වැඩබලන ප‍්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ මීට පෙර ප‍්‍රකාශ කළේ වර්ජනය අවසන් කර සේවයට වාර්තා කරන තුරු දුම්රිය වෘත්තීය සමිති සමග යළි සාකච්ඡා සිදු නොකරන බවයි.

මේ අතර සියලූ සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් වහාම සේවයට වාර්තා කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට ඊයේ දැනුම්දීමක් කළා. 

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බැවින් සේවයට වාර්තා නොකරන සියලූම සේවකයින්, සේවය හැරගියා සේ සලකන බවටයි එම දැනුම් දීම සිදුකර ඇත්තේ. වර්ජනයේ නිරත සියලූම් දුම්රිය සේවකයින් වෙත ඒ සම්බන්ධයෙන් ලිපි යොමුකිරීමට කටයුතු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.