Monday, April 29, 2024

General line - 0115112241

බැනර්, පෝස්ටර්, කටවුට් වලට නීතිය තදින්

සමන්ත කුමාර/සජිත් තිලකරත්න




අපේක්‍ෂකයන් ප‍්‍රවර්ධනය කරන බැනර්, පෝස්ටර් සහ කටවුට් ප‍්‍රදර්ශනය කරන පුද්ගලයන්ට එරෙහිව නාමයෝජනා භාර ගැනීමේ දිනයෙන් පසු නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති මහින්ද දේශපි‍්‍රය කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබද අදහස් පළ කළේ මෙලෙසයි.

මේ අතර මෙවර ජනාධිපතිවරණය සදහා ඊයේ දිනය අවසන් වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්‍ෂකයන් ගණන 33 ක් දක්වා ඉහළ ගොස් තිබුණා. මේ හේතුවෙන් ජනාධිපතිවරණයේ අපේක්‍ෂිත වියදම කෝටි 400 සිට කෝටි 500 ක් දක්වා ඉහළ යා හැකි බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දුන්නේ.

මේ අතර කිසියම් අපේක්‍ෂකයෙකුගේ නාමයෝජනා මැතිවරණ කොමිසම විසින් පිළිගත් පසු එම නාමයෝජනාව පිළිගැනීමට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගත හැකි දැයි මෙම මාධ්‍ය හමුවේදී ප‍්‍රශ්න කෙරුණා. ඊට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.