පෙම් යුවළකගෙන් රුපියල් 30,000 ක මුදලක් බලහත්කාරයෙන් ලබාගැනීමේ චෝදනාව මත ගල්කිස්ස පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉකුත් 2 වනදා රාති‍්‍රයේ බොරුපන ප‍්‍රදේශයේදී අදාළ පෙම් යුවළ මෝටර් රථයක් තුළ අශෝභන ලෙස හැසිරුණු බව පවසමින් ඊට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක නොකර සිටීමට යැයි පවසා එම මුදල ලබාගෙන ඇති බවටයි සැකකරුට චෝදනා එල්ල වී ඇත්තේ.
අත්අඩංගුවට ගැණුනු සැකකාර පොලිස් කොස්තාපල්වරයා වැඩිදුර විමර්ශන සදහා මිරිහාන පොලිස් ස්ථානයට භාරදී තිබෙනවා.