2019 ජනාධිපතිවරණය සදහා ඇප මුදල් භාර ගැනීම හෙට මධ්‍යහ්න 12 න් අවසන් වනවා.
ඒ අනුව ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගැනීම සිදුවන්නේ අනිද්දා උදැසන 9 සිට පෙරවරු 11 දක්වායි. විරෝධතා භාර ගැනීම පෙරවරු 11.30 දක්වා සිදුවන බව මැතිවරණ කොමිසම පැවසුවා.
මේ අතර මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියළුම අපේක්‍ෂකයන් වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාදීමට එකඟ වී ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පැවසුවේ.