Monday, April 29, 2024

General line - 0115112241

ශී‍්‍රලනිපයේ තීරණය ගැන පොහොට්ටුව සුබවාදී බලාපොරොත්තුවක

සමන්ත කුමාර/සජිත් තිලකරත්න




අද රාතී‍්‍ර පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර පවසනවා. 

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට සහාය දැක්වීම සදහා අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමට අදාළ කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවය ඉකුත්දා එකගතාවකට පැමිණියා. 

ඒ, ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදීයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර, පක්‍ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර සහ පක්‍ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්න එම සාකච්ඡුාවට එක් වුණා. 

කෙසේවෙතත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රධානතම ඉල්ලීමක් වන ලකුණ වෙනස් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර එකඟතාවක් ඇති වී නැහැ. 

මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වූ සාකච්ඡා බොහෝ දුරට සාර්ථක වී ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග පැවසුවා. මාධ්‍යවේදීන කළ ප‍්‍රශ්න කිරීමකදී ඔහු ඒ පිළිබද අදහස් දැක්වූයේ මෙලෙසයි.