Thursday, February 13, 2025

General line - 0115112241

ඇප මුදල් තැන්පත් කිරීමෙන් පසු පොහොට්ටුවට ලකුණ මාරු කළ හැකිද ?




කිසියම් පක්‍ෂයක් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත්නම් මැතිවරණ නීතිය අනුව එම පක්‍ෂයේ ලකුණ වෙනස් කිරීම සම්බන්ධයෙන් නීතිමය ගැටළු පවතින බව නෙත් නිවුස් කළ විමසීමකදී මැතිවරණ කොමිසමේ ප‍්‍රකාශකයෙකු පැවසුවා.

කෙසේවෙතත් පිළිගත් දේශපාලන පක්‍ෂයක් ඇප මුදල් තැන්පත් කිරීමෙන් පසු සන්ධානගත වන්නේ නම් ඊට අදාළව එම  ලකුණ වෙනස් කිරීම සම්බන්ධ අවසන් තීරණයක් ලබාදීම මැතිවරණ කොමිසම වෙත පැවරෙන බවයි එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේ.