කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේ 76 වන මූලික පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරු නිලධාරීන් 274 දෙනෙකු අද විසර ගියා. විසිර යාමේ උත්සවය අද (05) පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
ආධුනික පොලිස් පරීක්‍ෂකවරුන් 50ක්, ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 183 ක් සහ ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 41 දෙනෙකු එහිදී විසිර ගියා. කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කදවුරේ ස්ථාපිත කර ඇති රසායනික, ජෛව විද්‍යාත්මික, විකිරණශීලි න්‍යෂ්ටික හා පුපුරණ ද්‍රව්‍ය ආරක්‍ෂක මෙහෙයුම් නිරීක්‍ෂණ ජාතික මධ්‍යස්ථානයද ජනාධිපතිවරයා අතින් එහිදී විවෘත කෙරුණා.