මාර්තු 12 ව්‍යාපාරය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද පැවැත්වූ මහජන වේදිකාව සඳහා ජනාධිපති අපේක්ෂකයින් දස දෙනෙකු එක්වුණා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ද මීට එක්වූ අතර ඔහු සිය දැක්ම පිළිබඳව එහිදී මෙලෙස අදහස් පළ කළා.
ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක ද මහජන වේදිකාව ඇමතුවා.
ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධූර අපේක්ෂක හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක ද සිය දැක්ම පිළිබඳ මෙලෙස අදහස් පළ කළා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක දුමින්ද නාගමුව, එක්සත් සමාජවාදී පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක සිරිතුංග ජයසූරිය සහ ජාතික සංවර්ධන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක රොහාන් පල්ලෙවත්ත මහජන වේදිකාව සඳහා එක්ව සිටියා.
නව සිහළ උරුමයේ ජනාධිපති ධූර අපේක්ෂක සරත් මනමේන්ද්‍ර, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක ආචාර්ය අජන්තා පෙරේරා සහ ප්‍රජතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ආරියවංශ දසනායක ද මෙහිදී අදහස් දැක්වූවා.
........................................................................................
සියලු ජනාධිපති අපේක්ෂකයින් එක්තැන් කරන “මහජන වේදිකාව 2019″ (LIVE)
(05-10-2019 15:18)
ජනාධිපති අපේක්ෂකයින් එකම වේදිකාවකට කැඳවන මහජන වේදිකාව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙනවා. එය සංවිධානය කරන්නේ මාර්තු 12 ව්‍යාපාරයයි. මීට සහභාගී වීම සඳහා මේ වනවිට ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයින් 09 දෙනෙකු පැමිණ සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධූර අපේක්ෂක හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක දුමින්ද නාගමුව, එක්සත් සමාජවාදී පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක සිරිතුංග ජයසූරිය සහ ජාතික සංවර්ධන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක රොහාන් පල්ලෙවත්ත මහජන වේදිකාව සඳහා එක්ව සිටිනවා. නව සිහළ උරුමයේ ජනාධිපති අපේක්ෂක සරත් මනමේන්ද්‍ර, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක ආචාර්ය අජන්තා පෙරේරා සහ ප්‍රජතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ආරියවංශ දසනායක ද මේ සඳහා එක්ව සිටිනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම් ඒ සුමන්තිරන් සහ මුජුබර් රහුමාන් ද කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණ සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
එම සජීවීව විවාදය පහතින්