Thursday, February 13, 2025

General line - 0115112241

අද රාත්‍රියේ ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු සමග ගිගිරුම් සහිත වැසි




බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු පළාත්වල මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට අද (05) රාත්‍රීයේ ගිගිරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වැසි සමග පැයට කිලෝ මීටර 70 ත් 80 ත් දක්වා කෙටිකාලීන තද සුළං ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු වළක්වාගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.