Thursday, February 13, 2025

General line - 0115112241

ගෝඨාභයගේ ජයග්‍රහණය වැළැක්වීමට ආණ්ඩුව විවිධ උපක්‍රම යොදමින් සිටින බවට පොහොට්ටුවෙන් චෝදනා

ලහිරු කපුගේ




ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වැළැක්වීම සඳහා ආණ්ඩුව විවිධ උපක්‍රම යොදමින් තවදුරටත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමකින් පසුවන  බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පෙරමුණ කොළඹදී අද (05) කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ බව සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පළ කළ ප්‍රකාශ කිහිපයකට ද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රතිචාර දැක්වුවා.