Thursday, February 13, 2025

General line - 0115112241

ඇප තැන්පත් කළ සියලු ජනපති අපේක්ෂකයින්ට මැතිවරණ කොමිෂමෙන් කැඳවීමක්

කසුන් කැලුම්




ඉදිරි ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම සඳහා ලබාදුන් කාලය අද මධ්‍යාහන 12.00 න් අවසන් වනවා. ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කෙරුණේ ඉකුත් සැප්තැම්බර් මස 19 වැනිදායි.

ඒ අනුව මේ දක්වා ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 33 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ. පිළිගත් දේශපාලන පක්ෂ 16 ක්, වෙනත් දේශපාලන පක්ෂ 03 ක් සහ ස්වාධීන කණ්ඩායම් 14 ක් මෙලෙස ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. 

මේ අතර, මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති සියලූ ජනපති අපේක්ෂකයින්ට මැතිවරණ කොමිෂන් සභාව අද (06) කැඳවීමක් සිදුකර තිබෙනවා. ඒ නාමයෝජනා භාරගැනීමේ ක‍්‍රමවේදය සහ එහි කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහායි.  

ඒ අනුව අද පස්වරු 02.30 ට එම සියලූ අපේක්ෂකයින් කොමිසම හමුවට කැඳවා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. එළඹෙන ජනාධිපතිවරණය සඳහා හෙට (07) පෙරවරු 09.00 සිට පෙරවරු 11.00 දක්වා නාමයෝජනා භාර ගැනෙනවා. 

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනෙන හෙට දිනයේදී කොළඹ අධ්‍යාපන කලාපයට අයත් කොට්ඨාශ 03ක සියළු පාසල් හා ශී‍්‍ර ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 03ක් වසා තැබෙනු ඇති. ඒ අනුව බොරැල්ල, දකුණු කොළඹ හා මැද කොළඹ කොට්ඨාශවල සියළුම පාසල් හෙට දිනයේ වසා තැබෙනවා.

ශී‍්‍ර ජයවර්ධනපුර කලාපයේ රාජගිරිය ජනාධිපති විද්‍යාලය, රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලය සහ රාජගිරිය හේවාවිතාරණ ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය ද හෙට දිනයේ මෙලෙස වසා තැබෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.