ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා අද (06) පෙරවරුවේ කැඳවා තිබු මාධ්‍ය හමුව අවලංගු කර තිබෙනවා.
ඊයේ (05) රාත්‍රියේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ජා කිරීමෙන් අනතුරුව ඒ පිලිබදව අවසන් තීරණ ගැනීමේ බලය ජනාධිපතිවරයාට පැවරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කරනු ලැබුවා.
ඒ අනුවයි අද දින පෙරවරු 11.00 ට ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිදහස් පක්ෂයේ තීරණය ගැන දැනුම් දීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ.
එම මාධ්‍ය හමුව අවලංගු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර ගෙන් විමසු අවස්ථාවේදී ඔහු කියා සිටියේ සිය පක්ෂය අද සවස ද ඒ සම්බන්ධයෙන් සාකච්ජා කොට හෙට (07) දිනයේදී තීරණය දැනුම් දෙන බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෘත්තිය සමිති ඇතුළු පාර්ශ්ව ගණනාවකට එම තීරණය පිලිබදව දැනුම් දී ඔවුන්ගේ අදහස් විමසීමට අවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද පෙරවරුවේ නාම යෝජනා අත්සන් කර තිබෙනවා.