Thursday, February 13, 2025

General line - 0115112241

ප්‍රදේශ රැසකට තද වැසි




ප්‍රදේශ රැසකට තද වැසි ඇද හැලෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද (06) රාත්‍රී 09.00 පමණ වනතෙක් මෙම තත්වය බල පැවැත්වෙනු ඇති බවයි ප්‍රකාශ කෙරුණේ.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, උතුරුමැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලටත් මුලතිව් සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලටත් පැයට කිලෝ මීටර් 80 ක තද වැසි ඇද හැලෙනු ඇති. තද වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ ද අවදානමක් ඇති බැවින් අනතුරු අවම කරගැනීමට ජනතාව පියවර ගත යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.