ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ රටක් නැති පුද්ගලයෙකු බවට පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය උත්සහ දැරූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
විපක්ෂ නායකවරයා ප‍්‍රකාශ කළේ රටේ අනාගතය වෙනුවෙන් මෙවර තීරණාත්මක තීන්දුවක් ගතයුතු බවයි.
ගතවු කාලසීමාවේ රට තුළ ඇතිවු තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණා.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ගාල්ලේ පැවැති උත්සවයකට එක්වෙමින්.