2019 ජනාධිපතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද පෙරවරුවේ අවසන් වුණා. ඒ අනුව, මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් 41 දෙනා අතරින් 35 දෙනෙකු මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (07) සිය නාමයෝජනා භාර දෙනු ලැබුවා.
ඉදිරිපත් වූ නාමයෝජනා සියල්ල පිළිගත් බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, නාමයෝජනා පිළිබඳ තීරණය දැනුම් දීමේ නිවේදනය ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ.
ඒ අනුව නාමයෝජනා පිළිගත් අපේක්ෂකයන්ගේ නම්, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් නිවේදනය කළේ මෙලෙසයි.
නාමයෝජනා භාර දුන් අපේක්ෂකයින් අතරින් විරෝධතා එල්ල වී තිබුණේ, එම් කේ ශිවාජිලිංගම් හා එම් එල් ඒ එම් හිස්බුල්ලාටයි. එම් කේ ශිවාජිලිංගම්ට එරෙහිව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් විරෝධතාවක් ගොනු කළ අතර එම් එල් ඒ එම් හිස්බුල්ලාට එරෙහිව සරත් මනමේන්ද්‍ර විරෝධතා ගොනු කර තිබුණා. කෙසේ වෙතත්, එම විරෝධතා ප්‍රතික්ෂේප කිරීමටයි මැතිවරණ කොමිසම තීරණය කළේ.
මේ අතර, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් ගණන මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන වැඩිම අපේක්ෂකයින් ගණන ද වනවා. ඉකුත් 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ අපේක්ෂකයින් 19 දෙනෙකු පමණයි. ඒ අනුව, පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂකව මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාව දෙගුණයක් දිගු වනු ඇති බවය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.