Saturday, September 21, 2024

General line - 0115112241

‘පෝර්ට් සිටි’ යළි පරීක්ෂාවට




පෝර්ට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සකස් කෙරුණු පාරිසරික ඇගයීම් වාර්තාව යළි සලකා බැලීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න සඳහන් කළේ ව්‍යාපෘතිය මගින් පරිසර හානියක් සිදුවන්නේ නම් ව්‍යාපෘතියට අනුමැතිය ලබා නොදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි.

“පෝර්ට් සිටි සම්බන්ධයෙන් යම් යම් පාරිසරික ප්‍රශ්න කිහිපයක් පැන නැගිලා තිබුණා. ඒ පාරිසරික ප්‍රශ්න පිළිබඳව ඇගයීම් වාර්තාව පිළිබඳව නැවත වාරයක් අධ්‍යනය කරන්න ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබුණා. ඒ පාරිසරික වාර්තාව නැවත පරික්ෂා කර එහි පරිසර හානීන් සිදු වී ඇත්නම් ඒවාට අවශය සංශෝධන සිදු කරාට පසුව තමයි ව්‍යාපෘතියට අනුමැතිය ලබා දෙන්නේ. ඒ අනුව සියළු දේවල් නිවැරදි වෙච්ච ව්‍යාපෘතියකට තමයි අවසානයේ අනුමැතිය හම්බවෙන්නේ”.

ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු සම්බන්ධයෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළ හඬපටය පහතින් අහන්න.

පාරිසරික ඇගයීම් වාර්තාවට ද සංශෝධන කිහිපයක් එක්කර ඇති බවයි පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න වැඩිදුරටත් සඳහන් කළේ.