තහනම් සංවිධානයක සාමාජිකයින් බවට සඳහන් කරන ශ්‍රි ලාංකිකයින් සිව්දෙනෙක් බ්‍රිතාන්‍යයේ ලුටන් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනීමට එරට ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරින් සමත්ව තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගනු ලැබු පිරිස අතර පිරිමින් තිදෙනෙක් සහ කාන්තාවක් ද වන බවයි වාර්තා වෙන්නේ.
අත්අඩංගුවට පත් කාන්තාව පමණක් දැනට ඇප මත මුදා හැර ඇති අතර අවුරුදු 35, 39 සහ 41 යන වියේ පසුවන පිරිමි පුද්ගලයින් තිදෙනාගෙන් මේ වන විටත් රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.
මෙම පිරිස ලුටන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය සෙනසුරාදා සහ ඉරිදා බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.