Thursday, February 13, 2025

General line - 0115112241

අරුවක්කාලු අපවහන ටැංකියක පිපිරීමත් සමග කසල බැහැර කිරීමට බාධා

කසුන් කැලුම්/මහේෂ් චතුරංග




අරුවක්කාලු කසළ අංගනයේ අපවහන ටැංකියක ඊයේ  (07) රාති‍්‍රයේ සිදුවු පිපිරීමත් සමග කොළඹ මහ නගර සභාව විසින් කසල බැහැර කිරීමට ගැටළු මතුව තිබෙනවා.

ඒ අනුව අරුවක්කාලු කසළ අංගනය වෙත කසල ප‍්‍රවාහනය කෙරුණු ටිපර් රථ 28 ක් ජා-ඇල ප‍්‍රදේශයට හරවා යැවීමට සිදු වුණා.

කෙසේවෙතත් පිපිරීමට ලක් වූ අරුවක්කාලු කසල අංගනයේ අපවහන ටැංකිය පිළිසකර කිරීමෙන් පසු ඒ වෙත කසල බැහැර කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි කොළඹ මහ නගර සභාව පැවසුවේ.