ජනාධිපතිවරණයට අදාළ ආදර්ශ ඡන්ද පති‍්‍රකාව රජයේ මුද්‍රණාලයාධිපති විසින් මැතිවරණ කොමිසම වෙත භාරදී තිබෙනවා.
ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සදහා භාවිත කරන ඡන්ද පති‍්‍රකාව දළ වශයෙන් අගල් දෙකක් වූ උප පති‍්‍රකාව සහ තවත් අගල් 24 ක් සමග එහි සම්පූර්ණ දිග අගල් 26 ක් පමණ බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
අපේක්‍ෂකයන් සංඛ්‍යාව වැඩිවීම නිසා එක් මධ්‍යස්ථානයකට පත් කළ හැකි ඡන්ද පොල නියෝජිතයින් ගණන 70 ක් දක්වා සහ ගණන් කිරීමේ නියෝජිතයන් සංඛ්‍යාවද 170 ක් දක්වාද ඉහළ යන බවයි එම කොමිසම පැවසුවේ.
මේ හේතුවෙන් ඡන්ද පෙට්ටි නැවත සකස් කිරීමට සිදුවීම හෝ ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි ආනයනය කිරීමටද සිදුවන බවද මැතිවරණ කොමිසම සදහන් කළා.