වැඩිම පරිවාර චන්ද්‍රයින් සංඛ්‍යාවක් හිමි ග‍්‍රහලෝකය බවට සෙනසුරු පත්ව ඇතැයි අමෙරිකාවේ විද්‍යාඥයින් පිරිසක් අනාවරණ කරනවා.
ඒ, සෙනසුරු වටා ඇති නව පරිවාර චන්ද්‍රයින් 20 දෙනෙකු විද්‍යාඥයින් විසින් සොයා ගැනීමෙන් අනතුරුවයි.
ඒ අනුව මේවනවිට සෙනසුරුට අයත් පරිවාර චන්ද්‍රයින් සංඛ්‍යාව 82 ක්. මීට පෙර සෞරග‍්‍රහ මණ්ඩලයේ වැඩිම චන්ද්‍රයින් සංඛ්‍යාවක් සිටින ග‍්‍රහලෝකය බවට හඳුනාගෙන තිබුණේ පරිවාර චන්ද්‍රයින් 79 ක් සතු බ‍්‍රහස්පති ග‍්‍රහයායි.