Thursday, February 13, 2025

General line - 0115112241

අද රාති‍්‍රයේත් ප‍්‍රදේශ රැසකට තද වැසි

තරංග රුක්ෂාන්




අද රාති‍්‍රයේත් ප‍්‍රදේශ රැුසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව යන පළාත්වලටත්, මුලතිව් සහ වව්නියාව යන දිස්ති‍්‍රක්කවලටත් වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ප‍්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පැයට කිලෝ මීටර් 80 ක පමණ තද සුළං ඇතිවිය හැකි බැවින් අවධානයෙන් කටයුතු කරන ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ.