ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ සහයෝගය ලබා දිම සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට (09) දිනයේදි ප්‍රකාශයට පත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර පවසනවා.
අද (08) දිනයේ රාත්‍රියේදී ජනධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ජාවකින් අනතුරුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සිය අවසන් තීරණය ගන්නා බවයි මහින්ද අමරවීර මන්ත්‍රිවරයා ප්‍රකාශ කලේ.
හෙට දිනයේදී පවත්වන මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පක්ෂයේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරිමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සදහන් කලේ.