Thursday, February 13, 2025

General line - 0115112241

ජනපතිගේ වාහන 02කට ද ඇතුළුව කෝටි 2141 ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

සජිත් තිලකරත්න/තරංග රුක්ෂාන්




රුපියල් 2,141 එක් කෝටි පනස්තුන් ලක්ෂ 88,000 ක මුදලක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරුණා.

එහි ජනාධිපතිවරයාගේ භාවිතය සඳහා ආරක්ෂක රථ 02 ක් ආනයනය කිරීම වෙනුවෙන් වන සුඛෝපභෝගී බද්ද ගෙවීමට අතිරේක ප‍්‍රතිපාදන ලෙස රුපියල් කෝටි 10 කට අධික මුදලක් ඉල්ලා සිටීම ද කැපී පෙනෙන සිද්ධියක්. 

ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක අද ප‍්‍රශ්න කළා. 

මේ අතර මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝ්ත්සවය සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුවේදී අද අදහස් පළවුණා.

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර් සම්බන්ධන් ප‍්‍රකාශ කළේ උසාවි නියෝග කඩකළ පිරිසට එරෙහිව මෙතෙක් කිසිඳු නීතිමය කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැති බවයි. පසුව මෙම සිද්ධිය මුල්කර ගනිමින් කල්තැබීමේ විවාදයක් පැවැති අතර එහිදී පාර්ලිමේන්තු මන්තීී‍්‍ර ආනන්ද අලූත්ගමගේ මෙලෙස අදහස් දැක්වුවා. 


 

කථිකයින් නොමැතිවීමෙන් පාර්ලිමේන්තු කටයුතු අද පැයකට සීමාවුණා.