තමන් ජනාධිපති වී පැය 24 ක් තුළ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ අරඹන බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ අද පස්වරුවේ ශ‍්‍රී රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමියන් බැහැදැකීමෙන් අනතුරුවයි.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ප‍්‍රකාශ කළේ දසරාජ ධර්මයෙන් රට පාලනය කිරීමට තමන් සූදානම් බවයි.
ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු, අස්ගිරි මහ නා හිමිවරුන් ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.