Thursday, February 13, 2025

General line - 0115112241

රෝහිතගෙන් සජිත්ට අභියෝගයක්

සිතාරා අතුකෝරළ/තරංග රුක්ෂාන්




එක්සත් ජාතික පක්ෂයේ බෙදීම නාමයෝජනා භාරදුන් අවස්ථාවේදීම පැහැදිළි වූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ මාධ්‍ය හමුවකට අද එක්වෙමින්. 

එහිදී ඔහු සඳහන් කළේ ජනාධිපතිවරණය සඳහා ඊයේ (07) නාම යෝජනා දුන් අවස්තාවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවය නියෝජනය කරමින් මහින්ද රාජපක්ෂ , චමල් රාජපක්ෂ ඇතුළු පිරිස සහභාගී වූ බවත්, සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය නියෝජනය කරමින් නායක රනිල් වික්‍රමසිංහ සහ පක්ෂ ලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් සහභාගී නොවූ බවය.
 

මෙහිදී මන්තී‍්‍රවරයා විසින් ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට අභියෝගයක් ද එල්ල කරනු ලැබුවා. එහිදී ඔහු සඳහන් කළේ ඇල්පිටිය  ප‍්‍රාදේශීය සභා මැතිවරණයේදී ඊට අයත් කොට්ඨාශ 17න් එකක් හෝ ජයග්‍රහණය කර පෙන්වන ලෙසය.

මේ අතර ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමට අදාළ ප‍්‍රචාරක කටයුතු අද මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වනවා. එම ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන සිකුරාදායි.