Tuesday, May 21, 2024

General line - 0115112241

අක්කරපත්තුව රෝහලේ අරුම පුදුම සැත්කම (PHOTOS)

වසන්ත චන්ද්‍රපාල




අක්කරපත්තුව මුලික රෝහලට ප්‍රතිකාර ගැනිමට පැමිනි කාන්තාවගේ උදරයේ තිබු විශාල ගෙඩියක් ශල්‍යකර්මයකින් ඉවත් කිරිමට වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා.

වෛද්‍යවරුන් සදහන් කලේ එම කාන්තාවගේ උදරයේ තිබු කිලෝ 19.5 ගොඩියක් සාර්ථකව ඉවත්කිරිමට සමත් වු බවයි.

පසුගිය ඔක්තෝම්බර් මස 05 වෙනිදා දින මෙම සැත්කම සිදුකර ඇති අතර උදරයේ තිබු ගෙඩියේ පලල සෙ.මි.34  ක් වු අතර එහි දිග සෙ.මි 48 ක්. එහි උස සෙ.මි.23 ක් බව අක්කරපත්තුව මුලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා සදහන් කලේ.

මෙම ශල්‍ය කර්මය සදහා පුරා පැය දෙකක පමන කාලයක්  වෛද්‍ය කාර්ය මණ්ඩලයට ගතවි ඇත.

අක්කරපත්තුව මුලික රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥවරැන් වන එස්.එස්.ජමීල්, කේ.ඉර්න්ද්‍රවාන් ,මාතෘ සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය යුරේෂියා වික්‍රමසිංහ, නිර්වින්දන වෛද්‍යය වාමන් කුරුප්පු ඇතුලු වෛද්‍යවරැන් සහ හෙද කාර්ය මණ්ඩලය මෙම ශල්‍යකර්මය සදහා සහාභාගිවු බවයි අප නෙත් නිව්ස් වාර්තාකරු සදහන් කලේ.