කොළඹ කොටුව රීගල් සිනමා හල අසළ මුද්‍රණ ආයතනයක ඉහළ මහලේ අද (09) අලුයම් කාලයේ හදිසියේ ගින්නක් ඇති වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසියට ලද තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කොළඹ නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ගේද සහාය ඇතිව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබුණා.
ගින්න හේතුවෙන් ජීවිත හානි සිදුව නොමැති අතර සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැහැ. ගින්න ඇති වීමට හේතු සොයා කොටුව පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරනවා.