ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක එක්සත් ජාතික පක්ෂය හා එක්වනු ඇති බවට වාර්තා පළවුවද, එය එසේ සිදුනොවනු ඇති බවටයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ.
ඒ අනුව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහභාගී වන පළමු ජනරැළිය අද (09) අනුරාධපුරයේදී පැවැත්වෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක එහි වේදිකාවට ගොඩවෙන බවයි වාර්තා වන්නේ.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහභාගී වන පළමු ජනරැළිය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙනවා. ඒ සඳහා මේවනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ පැවසුවේ.
අද පැවැත්වෙන රැළිය සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ප‍්‍රබලයින් පිරිසක් ද සහභාගී වනු ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.