පන්දුවාර 20 පූර්ණ කි‍්‍රකට් තරගාවලි ජයක් අපේක්ෂාවෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම අද (09) පාකිස්තානයට එරෙහිව තරග බිමට පිවිසෙනවා.
දෙරට අතර 03 වන සහ අවසන් පන්දුවාර 20 කි‍්‍රකට් තරගය රාතී‍්‍ර 07.00 ට ලාහෝර් නුවර ගඩාෆි කී‍්‍රඩාංගනයේදී අද පැවැත්වීමට නියමිතයි.
තරග 03 කින් සමන්විත මෙම තරගාවලිය 2 ට 0 ක් ලෙස මේ වනවිටත් ශ‍්‍රී ලංකා කණ්ඩායම ජය ගෙන අවසන්.
ශ‍්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයගත හොත් ඔවුන් පන්දුවාර 20 පූර්ණ කි‍්‍රකට් තරගාවලි ජයක් වාර්තා කරන පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා පොත් අතරට එක්වනු ඇති.