Thursday, February 13, 2025

General line - 0115112241

කොළඹ හැටන් මාර්ගයේ වටවල ප්‍රදේශයේ කොටසක් ගිලා බැසීමෙන් ධාවනයට බාධා




කොළඹ හැටන් මාර්ගයේ වටවල 62/3 කිලෝමීටර් කණුව අසළ එක් මංතීරුවක් ගිලා බැස ඇති බව පොලිසිය සඳහන් කරනවා.

එම මාර්ගයේ හැටන් දෙසට පිටව යන එක් මංතීරුවක මෙලෙස ගිලාබැස්ම සිදුව ඇති බවත් ඒ හේතුවෙන් හැටන් දෙසට යන සැහැල්ලු වාහන පමණක් අනෙක් මංතීරුව ඔස්සේ ඉදිරියට ධාවනය කරවීමට ඉඩ සළසා දී ඇති බවත් පොලිසිය සඳහන් කළා.

ඊයේ (08) සවස 5.30ට පමණ මෙම ගිලා බැසීම සිදුව තිබුණා.

පොලිසිය පෙන්වා දෙන්නේ කොළඹ දෙසට හා හැටන් දෙසට ධාවනය කරන බර වාහන සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.

විකල්ප මාර්ග ලෙස නෝර්ටන් බ්‍රිජ් හරහා මස්කෙළිය දෙසින් හැටන් දෙසට ගමන් කළ හැකි බවත් තලවාකැලේ, පූඪළුඔය හරහා නුවරට පැමිණ කොළඹ දෙසට ගමන් කළ හැකි බවත් පොලිසිය සඳහන් කළා.