ලසිත් මාලිංග ඇතුළුව තවත් කී‍්‍රඩකයින් දෙදෙනෙකුට හෝ තුන්දෙනෙකුට පමණක් ශ‍්‍රී ලංකා පන්දුවාර 20 සංචිතයට එක්වීමට අවස්ථාව ඇති බව කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් පවසනවා.
ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකා පිළේ නායකයා ලෙස ලසිත් මාලිංග කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.
පාකිස්තානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අසන්ත ද මෙල් මේ බව කියා සිටියා.
පාකිස්තාන කණ්ඩායමට එරෙහිව නිමාවූ 20 යි 20 තරග දෙකේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් දැක්වූ දක්ෂතා පිළිබඳ තමන් අතිශය සතුටුවන බවයි අසන්ත ද මෙල් මෙහිදී ප‍්‍රකාශ කළේ.
ශ‍්‍රී ලංකා - පාකිස්තාන 03 වන සහ අවසන් පන්දුවාර 20 කි‍්‍රකට් තරගය ලාහෝර් නුවර ගඩාෆි කී‍්‍රඩාංගනයේදී අද (09) රාතී‍්‍ර 07.00 ට ආරම්භවීමට නියමිතයි.