ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කෙරෙන ජන රැලි මාළාවේ පළමු රැළිය අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගණයේදී දැන් පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පස්වරු 04ට පමණ ඊට එක්වුණා. ඒ, අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයට රැස්ව සිටින අතිවිශාල පිරිසකගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේයි. ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සමග ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක සහ වීරකුමාර දිසානායක මෙම ජනරැළියට එක්වීමද විශේෂත්වයක්.