ජනාධිපතිවරණයේ නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය මගින් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. විශේෂ ආරක්ෂාවක් යටතේ ඊයේ (09) දිනයේ සිට එම කටයුතු ආරම්භ කර ඇති බවයි රජයේ මුද්‍රණාලයේ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.
මැතිවරණ කොමිසම මගින් යොමුකළ ආදර්ශ ඡන්ද පති‍්‍රකාවේ සෝදුපත් බැලීමෙන් පසු එම මුද්‍රණ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්‍ෂකයින් 35 දෙනාගේ නම් සිංහල අකාරාදී පිළිවෙලට සකස්කර ඡන්ද පති‍්‍රකාවට අතුළත්කර තිබෙනවා.
මෙවර ජනධිපතිවරණය සඳහා මුද්‍රණය කිරීමට නියමිත ඡන්ද පති‍්‍රකා ගණන එක්කෝටි හැට ලක්ෂයකට ආසන්නයි. ජන්ද වීමසීම පැවැත්වීමට දින 10කට පෙර සියළුම ජන්ද පත‍්‍රිකා රජයේ මුද්‍රණාලය මැතිවරණ කොමිසම වෙත භාර දිය යුතු වනවා.