රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු අද (10) අලුයම වාට්ටුව ආසන්නයේ කාණුවකට ඇද වැටී ජීවිතක්ෂයට පත්ව සිටියදී සිරුර සොයාගෙන තිබෙනවා.
මාරවිල මූලික රෝහලට මෙම රෝගියා ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණේ ඊයේ (09) දහවල් කාලයේදීයි.
වයස අවුරුදු 83ක් වන මරණයට පත්ව ඇති මෙම රෝගියා නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.