Thursday, February 13, 2025

General line - 0115112241

ශ්‍රීලනිපය සහ පොහොට්ටුව ගිවිසුමට අත්සන් තබයි

මහේෂ් චතුරංග




ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අද (10) පෙරවරුවේ කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අත්සන් තැබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම් ගිවිසුමට අත්සන් තැබුවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා, උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස, එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද එහිදී අදහස් පළ කළා. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ.