Thursday, February 13, 2025

General line - 0115112241

ශ්‍රීලනිපයේ තීරණය සිය ජයග්‍රහණයට බාධාවක් නොවන බව එජාපය කියයි

දිල්ශාන් තුෂාර            




ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වීම එළඹෙන ජනාධිපතිවරණයේදී සිය අපේක්ෂකයාගේ ජයග්‍රහණයට බාධාවක් නොවන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ ගම්මට්ටමේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් විශාල පිරිසක් සිය අපේක්ෂකයා වන අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය පළ කරන බවයි.   

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් කොළඹ ගාලුමුවදොර පිටියේදී අද පස්වරුවේ පැවැත්වෙන පළමු ජනරැළියට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගීවීමට නියමිත බව ද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළා.