Thursday, February 13, 2025

General line - 0115112241

එක්වීමට ගත් තීරණයට විරුද්ධයි : ඒත් නිහඩව ඉන්නවා - වෙල්ගම කියයි

දිල්ශාන් තුෂාර            




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණයට තමන් විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. ජනාධිපතිවරණ සමයේ කිසිඳු පාර්ශවයකට සහය නොදී නිහඬව සිටීමට තමන් තීරණය කර ඇති බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම කියා සිටියේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ආරම්භ කරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම වැඩිදුරටත් සඳහන් කළා.