Thursday, February 13, 2025

General line - 0115112241

ගෝඨාභය එක්ක සාකච්ජා කරන්න TNA තීරණය කරයි

දිනසේන රතුගමගේ - වවුනියාව




එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා. ඒ අනුව එම සාකච්ඡාව සඳහා දිනයක් ලබාදෙන ලෙස ද දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක් කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ඊට ප්‍රතිචාර දක්වා ඇති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියා. ඒ අනුව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා ගොස් ආපසු පැමිණි පසු එම සාකච්ඡාව සඳහා දිනයක් ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකගතාව පළ කර ඇති බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් පැවසුවා.