Thursday, February 13, 2025

General line - 0115112241

ගත වූ දින දෙකේදී මැතිවරණ කොමිසමට පැමිණිලි 156 ක්




ගත වූ දින දෙකේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 156 ක් ලැබී තිබෙනවා. ඉන් ප්‍රචණ්ඩක්‍රියා සහ තර්ජනය කිරීමේ සිද්ධීන් 3 ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති බවයි එම කොමිෂන් සභාව පැවසුවේ.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන් 153 ක් ලැබී තිබෙනවා. ඊයේ පස්වරු 4.30 න් අවසන් වූ පැය 24දී පමණක් ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 
93 ක්.