Thursday, February 13, 2025

General line - 0115112241

තොණ්ඩමන්ගේ පිරිසක් දිගම්බරම්ගේ පක්‍ෂයට එක්වෙයි

රංජිත් රාජපක්ෂ/කසුන් කැළුම්




පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආරුමුගම් තොණ්ඩමන් නායකත්වය දරණ ලංකා කම්කරු කොංග‍්‍රසයේ සාමාජිකයන් පිරිසක් අමාත්‍ය පලනි දිගම්බරම් නායකත්වය දරණ ජාතික කම්කරු පෙරමුණට අද එක් වුණා.

ඔවුන් කදුරට සංවර්ධන අමාත්‍යාංශයේදී අමාත්‍ය පලනි දිගම්බරම් හමුවී එම පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එලෙස ජාතික කම්කරු පෙරමුණට එක්වූ පිරිස අතර නුවරඑළිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර එස්. වීරසාමි ද වනවා.