Thursday, February 13, 2025

General line - 0115112241

පුංචි ඡන්දයට ඇල්පිටිය සූදානම් - ආරක්‍ෂාවත් තර කෙරේ

ලහිරු කපුගේ/කසුන් කැළුම්




හෙට පැවැත්වෙන ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සදහා මේ වනවිට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඡන්ද පෙට්ටිද ඡන්ද මධ්‍යස්ථාන වෙත මේ වනවිට යොමුකර ඇති බවයි ගාල්ල දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ සදහන් කළේ.

ඡන්ද විමසීම සිදු කෙරෙන ඡන්ද මධ්‍යස්ථාන හතලිස් හතේ ආරක්‍ෂාව සදහාද පොලිස් නිලධාරීන් යොදවා සිටිනවා.

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර.
 

ඡන්ද මධ්‍යස්ථාන සහ ඉන් පිටත කි‍්‍රයාත්මක ආරක්‍ෂක වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.