සංශෝධනයකින් තොරව ඉන්ධන මිල ගණන් ස්ථාවරව පවත්වාගෙන යාමට ඉන්ධන මිල කමිටුව තීරණය කර තිබෙනවා. එම කමිටුව සෑම මසකම 10 වනදා රැස් වන අතර ඒ අනුව අද (10) රැස් වූ ඉන්ධන මිල කමිටුව මෙම තීරණයට එළඹුණා.
ලෝක වෙළද පොළේ බොරතෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවීම හේතුවෙන් ඉන්ධන මිල ගණන් ස්ථාවරව පවත්වාගෙන යාමට තීරණය කළ බවයි එම කමිටුව සදහන් කළේ.