ලෝක වෙළදපලේ ඉන්ධන මිලෙහි ඇතිවි තිබෙන වෙනස සැලකිල්ලට ගනිමින් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සිය පෙට්ට්‍රල් මිල ගණන් පහත හෙලිමට තීරණය කර තිබෙනවා.
ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ සහ එක්ස්ට්‍රා ප්‍රිමියම් යුරෝ 3 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් දෙක බැගින් අඩු කිරිමටයි එම සමාගම තීරණය කර ඇත්තේ.
මේ අතර ඩිසල් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුනොකල බවයි LIOC සමාගම සදහන් කර සිටින්නේ.
නවතම මිල ගණන් පහතින් දැක්වේ :
ලංකා ඕටෝ ඩීසල් රු. 104
එක්ස්ට්‍රා මයිල් ඩීසල් රු.108
ලංකා සුපිරි ඩීසල් රු.132
ලංකා පෙට්ට්‍රල් 92 රු.142
එක්ස්ට්‍රා ප්‍රිමියම් පෙට්ට්‍රල් රු. 148