ඇල්පිටිය ප‍්‍රාදේශිය සභා මැතිවරණයේ කටයුතු නිරීක්‍ෂණය කිරීම සදහා පුළුල් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කර තිබෙනවා.
ඒ සදහා ඉහළ රාජ්‍ය නිලධාරීන් මෙන්ම පොලිස් නිලධාරීන්ද එක්ව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සදහන් කළේ. මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානද අද උදැසන සිට සිය නිරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.
ගාල්ල දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ පැවසුවේ ඡන්දය ප‍්‍රකාශ කිරීම අවසන් වන තුරුම මෙම නිරීක්‍ෂණ කටයුතු සිදුකරන බවයි.
ඇල්පිටිය ප‍්‍රාදේශිය සභා මැතිවරණයේ කටයුතු සිදුවන ආකාරය පිළිබද සොයා බැලිම සදහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය ද ඇල්පිටිය ප‍්‍රදේශයට අද පෙරවරුවේ පැමිණියා.