ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීම මේ වනවිට සාමකාමීව පැවැත්වෙනවා. පෙරවරු 7 ට ආරම්භ වූ ඡන්ද විමසීම අවසන් වන්නේ පස්වරු 4 ටයි. ඡන්ද මධ්‍යස්ථාන 47 කදී ඡන්ද විමසීම පැවැත්වෙන අතර ඒ සදහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන් සංඛ්‍යාව 53,338 ක්.
ඒ, ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාව සදහා සභිකයින් 28 දෙනෙකු තෝරා ගැනීම සදහායි. මේ දක්වා ඡන්දයට බලපෑම් සිදුවිය හැකි කිසිදු බරපතල සිද්ධියක් වාර්තා නොවන බවයි ගාල්ල දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ පැවසුවේ.
ඡන්ද විමසීමට අදාළ ඡන්ද පොළ 38 ක් ඇල්පිටිය පොලිස් වසමේ ස්ථාපිත කර ඇති අතර සෙසු 9 ස්ථාපිත කර ඇත්තේ පිටිගල පොලිස් වසමේයි. ඒ අනුව ඇල්පිටියේ මැතිවරණ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලූවා නෙත් නිවුස් වාර්තාකරු දීපාල් ද සිල්වා.
පිටිගල ප‍්‍රදේශයේ තත්ත්වය පිළිබද සොයා බැලූවා නෙත් නිවුස් වාර්තාකරු ඞී ජේ විජේසිංහ.
ඡන්දය ප‍්‍රකාශ කිරීම අවසන් වන තුරුම මෙම නිරීක්‍ෂණ කටයුතු සිදුකරන බවයි ගාල්ල දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ පැවසුවේ. ඡන්ද ගණන් කිරීමේ කටයුතු සහ ප‍්‍රතිඵල නිකුත් කිරීමේ සැලසුම් පිළිබදවද මෙහිදී පැහැදිලි කෙරුණා.
ඇල්පිටිය ප‍්‍රාදේශිය සභා මැතිවරණයේ කටයුතු සිදුවන ආකාරය පිළිබද සොයා බැලිම සදහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රයද ඇල්පිටිය ප‍්‍රදේශයට අද පෙරවරුවේ පැමිණියා.
මැතිවරණයේ මෙහෙයුම් කටයුතු හා ප‍්‍රතිඵල නිකුත් කරන ඇල්පිටිය දිස්ති‍්‍රක් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය වෙත ගොස් ඔහු එහි කටයුතුද සොයා බැලූවා.
ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ නිල ඡන්ද ප‍්‍රතිඵලය අද රාතී‍්‍ර 10.00 පමණ වනවිට නිකුත් කිරිමට හැකිවනු ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එහිදී කියාසිටියේ.
මේ අතර අද දිනය පුරා ඇල්පිටිය ප‍්‍රදේශය ආශි‍්‍රතව විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්ද කි‍්‍රයාවට නංවා තිබෙනවා.