Thursday, May 2, 2024

General line - 0115112241

චන්ද්‍රිකාගේ කතාවට පොහොට්ටුවෙන් පිළිතුරු




ජනාධිපතිවරණය වෙනුවෙන් සන්ධාන ගතවීමට ගත් තීරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය කළ ප‍්‍රකාශයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රතිචාර දක්වා තිබෙනවා. 

මේ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල.

සිය නිල ෆෙස්බුක් පිටුවේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිනිය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රි දයාසිරි ජයසේකරගෙන් විමසා තිබුණේ පක්ෂයේ සංවිධායකයින්ගෙන් සියයට 90කට වඩා වැඩි පිරිසක් තමන් පොහොට්ටුව සමග එක්වීමකට විරුද්ධ බව ප‍්‍රකාශ කර ඇති විටෙක ගෝඨාභය රාජපක්‍ෂට සහාය දීමට තීරණය කරන්නේ කෙසේද? යනුවෙනුයි. 

කෙසේවෙතත් ඊයේ පැවති සන්ධානගතවීමේ උත්සවයේදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර ප‍්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකවරයාට සහායදීමෙන් නිදහස් පක්‍ෂය බිද වැටීමකට ලක් නොවන බවයි. පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ලද සදහන් කළේ සන්ධානගතවීම හරහා ජයග‍්‍රහණය තහවුරු වී ඇති බවයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල වූයේ පක්ෂය එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් පක්ෂ සමඟ සන්ධානයට සම්බන්ධ වූ නිසා නොව නායකයා වූ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සන්ධානයට නායකත්වය දීමට ශක්තියක් හා දැක්මක් නොතිබූ නිසා බව හිටපු ජනාධිපතිනිය පෙන්වා දී තිබුණා. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන්ද විමසීමක් කළා. එහි මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරකුමාර දිසානායක පැවසුවේ හිටපු ජනාධිපතිනියගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කළයුතු බවයි. අදාළ ප‍්‍රකාශය පිළිබද පක්‍ෂයේ මතය කුමක් දැයි විමසා ප‍්‍රකාශයක් සිදුකරන බව මන්තී‍්‍රවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.