මුලතිව්, නයාරු ගුරුකන්ද විහාර භූමියට අයත් ඉඩමක බොරළු කැපීම සදහා පිරිසක් පැමිණීමේ සිද්ධියක් මුල්කර ගනිමින් විහාර භූමිය ආශ‍්‍රිතව උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.
ඒ, විහාරස්ථානයේ දායක සභාව ඊට දැඩි විරෝධය පළ කිරීමත් සමගයි. බොරළු කැපීම සදහා පැමිණි පිරිස සතුව කිසිදු බලපත‍්‍රයක් නොතිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.
පසුව දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් හට ගැනීමත් සමග මුලතිව් පොලීසිය ඊට මැදිහත් වී තත්ත්වය පාලනය කළ බව නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා.
අපවත්වී වදාළ මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ දේහය පිළිබද ආදාහන පූජෝත්සවය මුල්කර ගනිමින්ද ඉකුත් සමයේ දැඩි කතාබහක් හට ගැණුනා.