ඇවන්ට් ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව අත්හිටුවීමට කොළඹ මහාධිකරණය අද (11) නියෝග කළා. කොළඹ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ නිශ්ශංක සේනාධිපති මීලඟ නඩු විභාගය සදහා සිංගපූරුවේ සිට මෙරටට පැමිණෙන බව ඔහුගේ නීතිඥයින් අධිකරණයට දැනුම් දීමෙන් පසුවයි.
රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලසක් වශයෙන් ලබා දීමේ සහ ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇවන්ට් ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලන්කා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව පවරා ඇති නඩුව ඔක්තෝම්බර් මස 22 දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද නියෝග කරනු ලැබුවා.
ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති වෛද්‍ය ප්‍රතිකාර සදහා සිංගපූරුවේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.
අධි චෝදනා 47 න් සමන්විත චෝදනා පත්‍රය විත්තිකරුවන් වෙත මීට පෙර භාර දෙනු ලැබුවා.
අධි චෝදනා 47 ක් යටතේ ඇවන්ට් ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රජයේ නිලධාරියකු ලෙසට කටයුතු කළ රක්නා ලන්කා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව කොළඹ මහාධිකරනයේ නඩු පවරනු ලැබුවා.