Tuesday, May 14, 2024

General line - 0115112241

නොබෙල් සාම ත්‍යාගය ඉතියෝපියානු අගමැතිට




2019 නොබෙල් සාම ත්‍යාගය ඉතියෝපියානු අගමැති අබි අහමඞ් වෙත පිරි නැමීමට තීරණය කර තිබෙනවා. ඒ, සාමය සහ ජාත්‍යන්තර සහයෝගිතාව ළගා කර ගැනීම සදහා ඔහු දැරූ උත්සාසහය ඇගයීමට ලක් කරමින්.

ඉතියෝපියාව හා එරිත්‍රියාව අතර දේශසීමා අර්බුදය සමථයකට පත් කිරීම සදහා අග්‍රාමාත්‍ය අබි අහමඞ් නායකත්වය ලබාදුන්නා. ඒ අනුව  අමෙරිකානු ඩොලර් නව ලක්‍ෂයක් වටිනා නොබෙල් සාම ත්‍යාගය එළඹෙන දෙසැම්බර් මාසයේ නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදී ඔහුට ප්‍රදානය කරනු ඇති.

නොබෙල් සාම ත්‍යාගය හිමිකර ගත් සියවන පුද්ගලයා ලෙසද ඉතියෝපියානු අගමැති අබි අහමඞ් ඉතිහාසයට එක්වනවා.