Thursday, February 13, 2025

General line - 0115112241

ජනපතිවරණයේ නීති කඩ කළ ප්‍රාදේශීය සභා උප සභාපති අත්අඩංගුවට




ජනාධිපතිවරණයට අදාළ නීති උල්ලංඝණය කිරීමේ චෝදනාව මත වලල්ලාවිට ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

රාජ්‍ය දේපළ මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීමේ චෝදනාවක් මත ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනෙක් මෙලෙසට අත්අඩංගුවට ගෙන ඇත.

වැලිපැන්න පොලිසිය මඟින් ඊයේ පස්වරුවේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි. මොවුන් ප්‍රාදේශිය සභාවට අයත් කැබ් රථයකින් මන්ත්‍රිවරුන්ගේ නිවෙස්වලට ගොස් පෝස්ටර් බෙදාහරින බවට ලද පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙහිදි අදාළ කැබ් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර එහි තිබී ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුගේ පෝසටර් 272ක්ද සොයාගෙන ඇති බව වාර්තා වේ.

සැකකරුවන් ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පොලිස් ඇප මත මුදාහැරීමට පියවර ගෙන ඇත. ඒ අනුව ඔවුන්ට එළඹෙන 15 වන දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව සඳහන්.